මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 9 කට අධික දළ විථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 දෙසැම්බර් මස 08 වන දින පස්වරුවේ සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 988 ක ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Dec 2022
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්‍රෑම් 4000 කට අධික තොගයක් සමඟ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාවේ 2022 දෙසැම්බර් මස 05 වන දින රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්‍රෑම් 4000 කට අධික තොගයක් රැගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ජාතිකයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Dec 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 20 දෙනෙකු නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (2022 දෙසැම්බර් මස 05) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් විසි දෙනෙකු (20) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Dec 2022
නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2022 නොවැම්බර් මස 28 වන දින සවස් කාලයේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් විසිහතර දෙනෙකු (24) යාපනය, කරෛයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
29 Nov 2022
රුපියල් මිලියන 07 කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ අද අළුයම (2022 නොවැම්බර් 22) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
22 Nov 2022
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 නොවැම්බර් මස 16 වන දින සන්ධ්‍යාවේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දහහතර දෙනෙකු (14) යාපනය, වෙත්තලකේනි, මාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Nov 2022
රුපියල් මිලියන 12 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මුණේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 නොවැම්බර් 14) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 41 කට අධික (තෙත බර සහිත) තොගයක් රැගත් ඩිංගී යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Nov 2022
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 2448 කට අධික තොගයක් මීගමුව, දූව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, දූව ප්‍රදේශයේ 2022 නොවැම්බර් මස 08 වන දින අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2448 කට අධික තොගයක් සමඟ ලොරි රථ දෙකක් (02) ක්, ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Nov 2022
නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී රුපියල් මිලියන 137 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 නොවැම්බර් 09) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 458 කට අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගී යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
09 Nov 2022
රුපියල් මිලියන 166 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 08 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් බේරුවලදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව බේරුවල, ඩයස්වත්ත ප්‍රදේශයේ 2022 නොවැම්බර් මස 07 වන දින උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් එම ප්‍රදේශයේ ගෙවත්තක වළදමා සූක්‍ෂම ලෙස සඟවා තිබූ රුපියල් මිලියන 166 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 08 යි ග්‍රෑම් 304 ක තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ එක් සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි.
08 Nov 2022