මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 ජුනි මස 16 වන දින රාත්‍රියේදී සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 490 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

17 Jun 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 64 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (2022 ජුනි මස 15) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 64 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Jun 2022

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 38 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට ගිනිකොන මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 11 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 38 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Jun 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 91 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව මාරවිල ප්‍රදේශයේ සහ බටහිර මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 07 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Jun 2022

රුපියල් මිලියන 105කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතීයේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කිලිනොච්ච් ප්‍රදේශයේ සහ කයිට්ස්, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 350 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ මෝටර් රථයක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

04 Jun 2022

නාවික හමුදා සහන කණ්ඩායම් විසින් අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට තවදුරටත් සහන සලසයි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශයන්හී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අද උදෑසන (2022 ජුනි 01) වන විට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් යොමු කළ අතර, එම සහන කණ්ඩායම් තවදුරටත් සහන සැලසීමේ කටයුතු සිදු කරනු ලබයි.

02 Jun 2022

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කිරීමට අද උදෑසන (2022 ජුනි 01) වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

01 Jun 2022

අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 06ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද උදෑසන (2022 මැයි 31) වන විට කටයුතු කෙරිණි.

31 May 2022

අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 45ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු සහ බටහිර මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාර මඟින් එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) පුද්ගලයන් 45 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 May 2022

නාවික හමුදා සහන කණ්ඩායම්, ගංවතුරෙන් පීඩාවට පත් පාසැල් දරුවන්හට සහන සලසයි

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසැල් දරුවන් හට සහන සැලසීමට 2022 මැයි මස 24 දින නාවික හමුදාව කටයුතු කෙරිණි.

25 May 2022