මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් මඩකළපුව මුහුදේදී සහ කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී සහ මඩකළපුව, කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ 2022 මැයි මස 18 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 May 2022
මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටියදී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2022 මැයි 15) සවස් කාලයේදී කටයුතු කරන ලදී.
15 May 2022
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට බස්නාහිර සහ දකුණු පළාත්හී ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට කටයුතු කර ඇත.
15 May 2022
ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන කොළඹ වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති සහභාගි වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2022 මැයි මස 05 වන දින අත්අඩංගුවටගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ විදේශීය සැකකරුවන් හත් දෙනා (07) ශ්‍රී ලංකා නාවික සයුරළ නෞකාව මඟින් අද (2022 මැයි 09) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
09 May 2022
හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව 2022 මැයි මස 05 වන දින ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 240කට ආසන්න තොගයක් සමඟ විදේශීය සැකකරුවන් 07දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
08 May 2022
නීති විරෝධී ධීවර කටයුතු සඳහා සැකසූ පුපුරණ ද්‍රව්‍ය කොටස් සමඟ පුද්ගලයන් 04ක් යාපනය ගුරු නගර් හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ 2022 මැයි මස 05 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීම සඳහා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස් 07ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 May 2022
වත්තල ඇළකන්ද ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදා සහාය

වත්තල ඇළකන්ද ප්‍රදේශයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක බිම් මහලේ රෙදිපිලි වෙළඳසැල් තුනක (03) ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වළක්වා පාලනය කිරීමට නාවික හමුදාව අද (2022 මැයි 06) උදෑසන කටයුතු කරන ලදී.
06 May 2022
රුපියල් මිලියන 123කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සවුක්කාඩු මුහුදු තීරයේ 2022 මැයි මස 03 වන දින රාත්‍රීයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 492 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 May 2022
නයාරු මුහුදේ සඟවා තිබූ වෝටර් ජෙල් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව්, නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 04ක් සමඟ තවත් පුපුරණද්‍රව්‍ය ආම්පන්න කිහිපයක් 2022 අප්‍රෙල් මස 26 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
27 Apr 2022
මසුන් ඇල්ලීම සඳහා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය, සල්ලිමුනෙයි වෙරළ තීරයේ 2022 අප්‍රේල් මස 23 වන දින සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, නීති විරෝධී ලෙස වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස් 08ක්, විදුලි නොවන ඩෙටනේටර් 7ක් සහ අගල් 2.5 බැගින් වූ වෙඩිනූල් 07ක් ලඟතබා ගත් සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Apr 2022