මෙහෙයුම් පුවත්
උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

යාපනය, ඩෙල්ෆ්ට් දුපතට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 අප්‍රේල් මස 03 වන දින අළුයම් කාලයේ සිදු කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධිවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Apr 2022
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම තොට්ටක්කාඩු ප්‍රදේශයේ 2022 අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ මන්නාරම පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකය සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 563ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි.
03 Apr 2022
රුපියල් මිලියන 75ක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, දූව කළපු ප්‍රදේශයේ අද (2022 මාර්තු 31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 249 ග්‍රෑම් 900 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ කුඩා කාර් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Mar 2022
රුපියල් මිලියන 20 කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යාපනය, කොවිලන් ප්‍රදීපාගාරයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද උදෑසන (2022 මාර්තු 31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 66 ග්‍රෑම් 600 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
31 Mar 2022
උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 මාර්තු මස 30 වන දින රාත්‍රීයේ සිදු කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධිවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් තිදෙනෙකු (03), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Mar 2022
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ, එනසාල් සහ කෘෂි රසායන තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2022 මාර්තු 30) යාපනය කයිට්ස් දූපතේ අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1828 පමණ තොගයක්, එනසාල් කිලෝග්‍රෑම් 137ක පමණ තොගයක් සහ කෘෂි රසායන බෝතල් 134ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
30 Mar 2022
උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් සිව් දෙනෙකු (04), 2022 මාර්තු මස 28 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Mar 2022
පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදා සහාය

පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ දිගිලිය කන්ද රක්‍ෂිතයේ 2022 මාර්තු මස 27 රාත්‍රීයේ හටගත් හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහය ලබා දෙන ලද අතර, මේ වන විටත් (2022 මාර්තු 28) එම ගින්න පැතිරීම වැළැක්වීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කෙරෙමින් පවතී.
29 Mar 2022
තහනම් ධීවර දැල් කිලෝ ග්‍රෑම් 1418ක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ 2022 මාර්තු මස 27වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නිවසක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) කිලෝග්‍රෑම් 1418 ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
28 Mar 2022
මෙරට මුහුදු තීරයේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මුර සංචාර මඟින්, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු, 2022 මාර්තු මස 23 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Mar 2022