මෙහෙයුම් පුවත්

නාවික හමුදා දායකත්වයෙන් ගාල්ල ප්‍රදේශයේ පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ගාල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති මුල්කඩ, අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2021 නොවැම්බර් මස 03 සහ 04 යන දිනයන්හිදී ක්‍රියාත්මක කෙරිණි.

06 Nov 2021

නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 4400ක පමණ තොගයක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 30 වන දින යාපනය, කකරතිව් දුපතේ සහ 2021 නොවැම්බර් මස 03 වන දින පුත්තලම, කුදිරමලේ තුඩුව හා මන්නාරම, කුදුඉරුප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 4400ක පමණ තොගයක් සමඟ සැකකරුවන් අට දෙනෙකු (08) සහ යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Nov 2021

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 112 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2021 ඔක්තෝබර් මස 01 වන දින සිට ඔක්තෝබර් මස 31 වන දින දක්වා කාලය තුළ බටහිර, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණ යන නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 112 ක්, ලොරි රථයක් සහ ධීවර යාත්‍රා 26ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

01 Nov 2021

ප්‍රදේශ කිහිපයක සිදු කළ නාවික හමුදා මෙහෙයුම් මඟින් නීති විරෝධී කටයුතු සිදුකල පුද්ගලයන් 07ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසු ගිය දෙසතිය තුල (2021 ඔක්තෝබර් මස 16 සිට 28 දක්වා) උතුරු මැද, සහ වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි සිදු කල මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ඇල්ලු මුහුදු කූඩැල්ලන් ලඟ තබා ගත් පුද්ගලයන් ‍හත් ‍දෙනෙකු (07) සහ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 1120ක පමණ තොගයක් නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

29 Oct 2021

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1000ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 25 වන දින කල්පිටිය, ඉප්පන්තිවු දූපතට ඔබ්බෙන් වූ කළපු ප්‍රදේශයේ සහ වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1000ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02ක් සහ ධීවර යාත්‍රා 03ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 Oct 2021

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ඔක්තෝබර් මස 20 වන දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටියදී, 2021 ඔක්තෝබර් 18 වන දින සිදු වූ අනතුර හේතුවෙන් අතුරුදහන්ව සිට පසුව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමෙහි නිරත වු කණ්ඩායම් මගින් සොයා ගන්නා ලද ඉන්දීය ධීවරයාගේ මෘත දේහය ඉන්දියානු බලධාරීන් වෙත භාරදීම අද උදෑසන (2021 ඔක්තෝබර් 23) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, අන්තර් ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරිණි.

23 Oct 2021

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1135කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 20 වන දින කල්පිටිය සහ මන්නාරම, ප්‍රදේශයන්හී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 1135කට අධික තොගයක් සමඟ සැකකරුවකු (01) සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Oct 2021

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ඔක්තෝබර් මස 19 වන දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේදී 2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ අනතුරට ලක්වූ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිට අතුරුදන්වූ ධීවරයාගේ මෘත දේහය සොයා ගැනීමට සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කණ්ඩායම් අද (2021 ඔක්තෝබර් 20) පෙරවරුවේ සමත් විය.

20 Oct 2021

රුපියල් මිලියන 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 ඔක්තෝබර් මස 19 වන දින උදෑසන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 700ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Oct 2021

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2272කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 19 වන දින යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2272කට අධික තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Oct 2021