මෙහෙයුම් පුවත්

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 21 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි 2021 මැයි 20 වන දින ඇති වු ගින්න අද (2021 මැයි 22) වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මේ වන විට පාලනය කරමින් සිටියි.

22 May 2021

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම ප්‍රදේශයේ 2021 මැයි මස 20 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් විකිණීම සඳහා සූදානම් කළ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 450 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

21 May 2021

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ X-PRESS PEARL නැමති බහාලුම් ප්‍රවාහන නෞකාවේ 2021 මැයි 20 වන දින දිවා කාලයේ ගින්නක් ඇතිවී ඇති බවට ලද තොරතුරකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම මුහුදු ප්‍රදේශය වෙත ශ්‍රී ලංනානෞ සාගර සහ සිඳුරළ යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා 02 සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර හැරීමට කටයුතු කෙරිණි. මේ වන විට වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවක් (01) ද මෙම මුහුදු ප්‍රදේශයේ නෞකාවේ ඇති වී තිබෙන ගින්න පාලනය සඳහා යොදවා ඇත.

21 May 2021

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට නාවික හමුදා සහන කණ්ඩායම් තවදුරටත් ක්‍රියාත්මකයි

පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 02ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට අද (2021 මැයි 15) කටයුතු කෙරිණි.

15 May 2021

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ස්ථානගත කෙරේ

පවත්නා අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට අද (2021 මැයි 14) සවස කටයුතු කෙරිණි.

14 May 2021

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව හලාවත, සමිදුගම ප්‍රදේශයේ 2021 මැයි මස 13 සහ 14 යන දිනයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

14 May 2021

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ

මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම් තත්ත්වය යටතේ ආපදාවට පත් වන ජනතාව මුදා ගැනීම සහ අවශ්‍ය සහන සැලසීම සඳහා බස්නාහිර හා දකුණු පළාත් තුළ ගංවතුර අවධානමක් සහිත ප්‍රදේශයන් වල නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් ස්ථානගත කිරීමට මේ වන විට කටයුතු කර ඇත. ඒ අනුව 2021 මැයි 13 වන දින රාත්‍රියේ ගාල්ල උඩුගම ප්‍රදේශයේදී ගිං ගඟ පිටාර ගැලීමෙන් ආපදාවට පත්ව සිටි පුද්ගලයින් 06 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත් විය.

14 May 2021

ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම සහිත ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම සහිත නාගොඩ සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් තවත් කණ්ඩායම් 04ක් නාවික හමුදාව විසින් අද (2021 මැයි 13) ස්ථානගත කෙරිණි.

13 May 2021

ගංවතුර අවදානමට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානමට පෙර සුදානමක් ලෙස කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩායම් දෙකක් ස්ථානගත කිරීම අද (2021 මැයි 13) දින සිදු කෙරිණි.

13 May 2021

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයක් රත්නපුරයට

ගංවතුර අවදානම හමුවේ ආපදාවට පත්වන ජනතාව වෙත කඩිනමින් අවශ්‍ය සහන සැළසීමේ අරමුණින් රත්නපුරය නව නගරයේ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයක් ස්ථාපිත කිරීම 2021 මැයි 11 දින සිදු කෙරිණි.

13 May 2021