මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ඇතුලු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු සමඟ ජාවාරම්කරුවන් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත ගුවන් මඟින් ගොස් නැවත ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මඟින් මන්නාරම ප්‍රදේශය වෙත කුඩා යාත්‍රාවකින් පැමිණෙමින් සිටි පුද්ගලයෙකු සමඟ එම යාත්‍රාවේ සිටි පුද්ගලයින්‍ දෙදෙනෙකු (02) සහ මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු (02) 2021 මැයි 11 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 May 2021

රුපියල් මිලියන 70කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ ළූණු බීජ තොගයක් වයඹ සහ බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 මැයි මස 07 වන දින ශ්‍රී ලංකාවට වයඹ සහ බටහිර දෙසින් වූ මුහුදු තීරයන් හි සිදුකළ මුර සංචාරයන් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් සහ ළූණු බීජ කිලෝග්‍රෑම් 522 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 May 2021

නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව රාජගිරිය ප්‍රදේශයේ 2021 මැයි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal methamphetamine) ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණයක් සහ හෂීස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 47 මිලි ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

05 May 2021

ඉන්දීය ධීවර යාත්‍රා 11 ක් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම නාවික හමුදාව විසින් වළකයි

අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක පුද්ගලයින් 86 ක් සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට අද (2021 මැයි 04) දින නාවික හමුදාවට හැකි විය.

04 May 2021

රුපියල් මිලියන 55 කට අධික වටිකානමින් යුත් තවත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 183 කට අධික තවත් කේරළ ගංජා තොගයක් අද (2021 මැයි 03) දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

03 May 2021

මාධ්‍ය නිවේදනය


නීති විරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීම උදෙසා සාගර දේශ සීමාවේ ආරක්‍ෂාව තර කිරීම

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

03 May 2021

නාවික හමුදා දායකත්වයෙන් ගාල්ල, වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති වක්වැල්ල පාලම තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 01 වන දින ක්‍රියාත්මක කෙරිණි.

02 May 2021

නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් 27 සහ 28 යන දිනයන්හි ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවන් දෙකක් (02), වියලි කහ කිලෝග්‍රෑම් 2790 පමණ තොගයක්, එන්සාල් කිලෝග්‍රෑම් 803 ක පමණ තොගයක්, ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයින් 12 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Apr 2021

රුපියල් මිලියන 72 කට අධික වටිකානමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2021 අප්‍රේල් මස 28 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 240 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Apr 2021

තවත් තහනම් ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව විසින් වලකයි

නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් 17 සිට 20 දක්වා මීගමුව, මුන්නක්කරේ කළපු ප්‍රදේශයේ, මන්නාරම කුඩිඉරිප්පු සහ පේසාලේ යන ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1263 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

22 Apr 2021