මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ 2021 මාර්තු 15 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝග්‍රෑම් 349 ක පමණ ප්‍රමාණයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 156 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Mar 2021
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කල පුද්ගලයින් 24 දෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය, කුරක්කන්හේන ප්‍රදේශයේ අද (2021 මාර්තු 11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම් වූ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Mar 2021
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රුපියල් මිලියන 42 කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 මාර්තු 10 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 42කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා කිලෝ 141ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Mar 2021
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 26කට අධික වටිනාකමින් යුත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ආසන්න මුහුදු තීරයේ 2021 මාර්තු 09 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1189කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
10 Mar 2021
කේරළ ගංජා කිලෝ 107කට අධික තොගයක් කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 මාර්තු 08 වන දින කල්පිටිය සෝමතිව් දූපතෙහි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 125 ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Mar 2021
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 670 ක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සෙරක්කුලිය වෙරළ තීරයේ 2021 මාර්තු 06 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 670 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 Mar 2021
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 2217 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 මාර්තු 04 සහ අද අළුයම (2021 මාර්තු 05) සිලාවතුර, මනල්කුලම් සහ නොරොච්චෝලේ, පුලච්චේන යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 2217 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 07ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Mar 2021
රුපියල් මිලියන 06 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 මිලිග්‍රෑම් 21 ක් සමඟ සැකකරුවන් 04 ක් 2021 මාර්තු 03 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Mar 2021
කේරළ ගංජා කිලෝ 18 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ 2021 මාර්තු 01 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 18 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.
02 Mar 2021
නාවික හමුදාව මගින් ආපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නිරුපද්‍රිතව මුදවාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2021 පෙබරවාරි 27) කටයුතු කරන ලදී.
27 Feb 2021