මෙහෙයුම් පුවත්
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ජනවාරි 05 වන දින වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1680 ක පමණ ප්‍රමාණයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04) හා ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jan 2021
බටහිර මුහුදේ නාවික හමුදා මෙහෙයුමකින් රුපියල් කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජනවාරි 04) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Jan 2021
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ගාල්ල, දොඩන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 දෙසැම්බර් 31 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 945 (Crystal Methamphetamine), හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 47 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 3ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Jan 2021
අනවසරයෙන් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදුනු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතිකයින් 04 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 දෙසැම්බර් 20) උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04) සමඟ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01) සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Dec 2020
නාවික හමුදා සහයෙන් වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු නීතියේ රැහැනට

නාවික හමුදාව හා පොලීසිය එක්ව ගලේවෙල බුලනවැව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් 2020 දෙසැම්බර් මස 19 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
20 Dec 2020
කේරළ ගංජා කිලෝ 39 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 14 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි පසුගිය සති කිහිපය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 39 ග්‍රෑම් 197 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 14 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
16 Dec 2020
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 36 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05), ඉන්දීය ජාතිකයින් 36 ක් සහ ධීවර ආම්පන්න අද (2020 දෙසැම්බර් 15) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Dec 2020
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 නොවැම්බර් 12 වන දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් සහ ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.
14 Dec 2020
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 3538කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව පසුගිය සති කිහිපය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 3538 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් (03) ඇතුළු පුද්ගලයින් හත් දෙනෙක් (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Dec 2020
කිලෝ ග්‍රෑම් 200ක හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

අද දින (2020 දෙසැම්බර් 06) මාරවිල තොඩුවාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරෝයින් කිලෝ ග්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ ග්‍රෑම් 100ක් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සමඟ නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව සහය විය.
06 Dec 2020