ක්‍රීඩා පුවත්
අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය - 2025 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය, 2025 පෙබරවාරි මස 10 වැනි දින සිට 15 වැනි දින දක්වා වැලිසර, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් හා කාන්තා ශූරතාවය පුහුණු විධානය විසින් දිනාගැනීමට සමත්විය.
21 Feb 2025
නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම් 2025 SUNQUICK ජාතික වෙරළ වොලිබෝල් තරඟාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනාගනියි

2025 SUNQUICK ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2025 ජනවාරි මස 31 වැනි දින සිට 2025 පෙබරවාරි මස 02 වැනි දින දක්වා මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරය ආශ්‍රිතව පැවැති අතර, එහීදී නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් “A” සහ “B” කණ්ඩායම් එහි ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
02 Feb 2025
ආචාර්ය නිහාල් ජිනසේන අනුස්මරන රුවල් ඔරු තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

ආචාර්ය නිහාල් ජිනසේන අනුස්මරන කුසලාන රුවල් ඔරු තරඟාවලිය 2025 පෙබරවාරි මස 01 වන දින වැලිගම, මිරිස්ස කප්පරතොට මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු කණ්ඩායම ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය.
01 Feb 2025
නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක චලිත පුෂ්පික 38 වැනි බංගලාදේශ ආධුනික ගොල්ෆ් ශූරතාවලියේ පස්වැනි ස්ථානය දිනා ගනියි

2025 ජනවාරි මස 09 වැනි දින සිට 12 වැනි දින දක්වා බංගලාදේශයේ ඩකා හි කුර්මිටෝලා ගොල්ෆ් පිටියේදී පැවැති 38 වැනි බංගලාදේශ ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික එහි පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.
20 Jan 2025
13 වන ආරක්‍ෂක සේවා දුනු විදීමේ තරඟාවලියේ පිරිමි සම අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2024 දෙසැම්බර් මස 17 සහ 18 යන දෙදින කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 13 වන ආරක්‍ෂක සේවා දුනු විදීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වූ අතර, එහිදී නාවික හමුදා පිරිමි දුනු විදීමේ කණ්ඩායම ආරක්‍ෂක සේවා දුනුවිදීමේ සම අනුශූරතාවත් නාවික හමුදා කාන්තා දුනුවිදීමේ කණ්ඩායම ආරක්‍ෂක සේවා දුනුවිදීමේ තෙවැනි ස්ථානයත් දිනාගැනීමට සමත්විය.
20 Dec 2024
‘මෝටර්ක්‍රොස් ජාතික ශූරතා තරඟාවලිය - 2024’ යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනය මඟින් සංවිධානය කරන ලද ‘මෝටර්ක්‍රොස් ජාතික ශූරතා තරඟාවලිය - 2024’ ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී 2024 දෙසැම්බර් මස 15 වැනි දින පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා අති ධාවනකාරී යතුරු පැදි සංචිතයේ ක්‍රීඩකයින් සමත් විය.
17 Dec 2024
Commander’s Cup Challenge Trophy - 2024 පාපන්දු තරඟාවලියේ කාන්තා ශූරතාවය හා පිරිමි අනුශූරතාව නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් සංවිධානය කරන ලද Commander’s Cup Challenge Trophy Football Tournament - 2024 තරඟාවලිය 2024 දෙසැම්බර් මස 02 වැනි දින සිට 10 වැනි දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති අතර, එහිදී නාවික හමුදා කාන්තා හා පිරිමි කණ්ඩායම් එහි ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
12 Dec 2024
“වේව්ස් ඇන්ඩ් වින්ග්ස්” වෙරළ හෑන්ඩ්බෝල් 2024 තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාව ‘බී’ කණ්ඩායම දිනා ගනියි

කොළඹ රොටරැක්ට් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද වේව්ස් ඇන්ඩ් වින්ග්ස් වෙරළ හෑන්ඩ් බෝල් තරඟාවලිය, 2024 දෙසැම්බර් මස 07 සහ 08 යන දෙදින ගල්කිස්ස වෙරළ තීරයේදී පවත්වන ලද අතර, නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම සහ නාවික හමුදා ‘බී’ කණ්ඩායම අතර පැවති අවසන් තරගයෙන් නාවික හමුදා ‘බී’ කණ්ඩායමට එහි ශූරතාවයත් නාවික හමුදා ‘ඒ’ කණ්ඩායමට එහි අනුශූරතාවයත් හිමිවිය.
11 Dec 2024
13 වන ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2024 නොවැම්බර් මස 26, 27 සහ 28 දිනයන්හි පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති 13 වන ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලියේ දී නාවික හමුදා ක්‍රීඩකයින් තරඟාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාවය දිනාගැනීමට සමත් විය.
02 Dec 2024
06 වැනි ලෝක කැරම් ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට දිනා දීමට නාවික හමුදා කැරම් ක්‍රීඩකයින් දායක වෙයි

06 වැනි ලෝක කැරම් ශූරතාවලිය 2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන නාවික හමුදාවේ නායක නැවි ඩබ්ඩබ්ඩීඑන් ප්‍රනාන්දු සහ නායක කාන්තා නැවි ජේ රොශිටා යන නාවිකයින් ගේ දායකත්වයෙන් තරඟාවලියේ කාන්තා සහ පිරිමි අනුශූරතාව ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකි විය.
28 Nov 2024