නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක චලිත පුෂ්පික 38 වැනි බංගලාදේශ ආධුනික ගොල්ෆ් ශූරතාවලියේ පස්වැනි ස්ථානය දිනා ගනියි
2025 ජනවාරි මස 09 වැනි දින සිට 12 වැනි දින දක්වා බංගලාදේශයේ ඩකා හි කුර්මිටෝලා ගොල්ෆ් පිටියේදී පැවැති 38 වැනි බංගලාදේශ ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික එහි පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.
ඒ අනුව, 38 වැනි වරට පැවැත්වු මෙම බංගලාදේශ ආධුනික ගොල්ෆ් ශූරතාවලියේදී සාමාන්‍ය නැවි චලිත පුෂ්පික තරඟාවලිය පුරා විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් ලකුණු 300ක් ලබා මෙලෙස පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.
තවද, සාමාන්‍ය නැවි චලිත පුෂ්පික මීට පෙර ද දේශීය සහ වීදේශීය තරඟාවලි රැසක් සඳහා සහභාගී වී දක්‍ෂතා පෙන්නුම්කර ඇති ක්‍රීඩකයෙකි.