අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය - 2025 සාර්ථකව නිමාවට පත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය, 2025 පෙබරවාරි මස 10 වැනි දින සිට 15 වැනි දින දක්වා වැලිසර, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් හා කාන්තා ශූරතාවය පුහුණු විධානය විසින් දිනාගැනීමට සමත්විය.
අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් මංජුල දිසානායකගේ සහභාගීත්වයෙන් පැවති අවසන් තරඟයේ පිරිමි අනුශූරතාවය පුහුණු විධානය විසින් සහ කාන්තා අනු ශූරතාවය උතුරු නාවික විධානය විසින් දිනාගත් අතර, පිරිමි නවක අංශයේ ශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් ජීඅයිඩීබීඑස් ධර්මරත්න විසින් හා එහි අනුශූරතාවය නායක නැවි කේඑම්එස් ගුණතිලක විසින්ද, කාන්තා නවක අංශයේ ශූරතාවය ආධුනික කාන්තා නැවි ටීටීඕ විමලරත්න විසින්ද, හා එහි අනුශූරතාවය බල කාන්තා නැවි අයිආර් මධුවන්ති විසින්ද දිනාගැනීමට සමත්විය.
විවෘත පිරිමි යුගල අංශයේ ශූරතාවය කොමාණ්ඩර් කේකේආර් රත්නායක විසින් හා බල ශාරීරික අභ්‍යාසක ඩීඑම්ආර්එම් බණ්ඩාර විසින්ද, එහි අනුශූරතාවය කොමාණ්ඩර් ජේඒඑන් ද සිල්වා සහ උප ලුතිනන් එච්ඕටී ද සිල්වා විසින්ද, දිනාගන්නා ලද අතර, විවෘත කාන්තා යුගල අංශයේ ශූරතාවය නායක කාන්තා ශාරීරික අභ්‍යාසක ඒජීඒසී විජේරත්න හා ආධුනික කාන්තා නැවි ටීටීඕ විමලරත්න විසින්ද, එහි අනුශූරතාවය නායක කාන්තා ශාරීරික අභ්‍යාසක ජීජීඑස් දමයන්ති හා බල කාන්තා ශාරීරික අභ්‍යාසක ඩබ්ජීඑන්එස් අමරසිංහ විසින්ද දිනාගන්නා ලදි.
තරඟාවලියේ, විවෘත පිරිමි ඒකල අංශයේ ශූරතාවය උප ලුතිනන් එච්ඕටී ද සිල්වා විසින් සහ එහි අනුශූරතාවය බල ශාරීරික අභ්‍යාසක ඩීඑම්ආර්එම් බණ්ඩාර විසින්ද, විවෘත කාන්තා ඒකල අංශයේ ශූරතාවය නායක කාන්තා ශාරීරික අභ්‍යාසක ඒජීඒසී විජේරත්න සහ එහි අනුශූරතාවය නායක කාන්තා ශාරීරික අභ්‍යාසක ජීජීඑස් දමයන්ති විසින්ද දිනාගන්නා ලදි.
එමෙන්ම, වයස අවුරුදු 40 ට වැඩි පිරිමි යුගල අංශයේ ශූරතාවය කොමාණ්ඩර් කේඑච්කේඑම් අබේසූරිය හා ලුතිනන් කොමාණ්ඩර් බීඑම්එස්පී බන්නැහැක විසින්ද, එහි අනුශූරතාවය කොමාණ්ඩර් ඩබ්ඒසීබී වික්‍රමාරච්චි හා ප්‍රධාන සුළු නිලධාරී ටීජීඑස්කේ බණ්ඩාර විසින්ද දිනා ගත් අතර, වයස අවුරුදු 40 ට වැඩි පිරිමි ඒකල අංශයේ ශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් බීඑම්එස්පී බන්නැහැක විසින් සහ අනුශූරතාවය ප්‍රධාන සුළු නිලධාරී ටීජීඑස්කේ බණ්ඩාර විසින්ද දිනාගන්නා ලදි.
වයස අවුරුදු 50 ට වැඩි පිරිමි යුගල අංශයේ ශූරතාවය කපිතාන් ටීපී දීගල හා කොමාණ්ඩර් ඩීඑම් රත්නපාල විසින්ද, එහි අනුශූරතාවය කොමාණ්ඩර් කේඑම් දයානන්ද හා ලුතිනන් කොමාණ්ඩර් කේජීඑස්පී විජේරත්න විසින්ද දිනාගන්නා ලදි. වයස අවුරුදු 50 ට වැඩි පිරිමි ඒකල අංශයේ ශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් කේජීඑස්පී විජේරත්න විසින්ද එහි අනුශූරතාවය කපිතාන් ටීපී දීගල විසින්ද දිනාගන්නා ලදි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා විධානයන් නියෝජනය කරමින් නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වි සිටියහ.