“ගුවන් හමුදා පාපැදි සවාරිය 2025” පළමු අධියරෙහි ජයග්‍රහණය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරයට සමඟාමිව 26 වැනි වරටත් සංවිධානය කරන ලද “ගුවන් හමුදා පාපැදි සවාරිය 2025” 2025 පෙබරවාරි මස 28 වැනි දින සිට මාර්තු මස 02 වැනි දින දක්වා අධියර තුනකින් (03) පැවැත්වුණු අතර, එහි වීරවිල සිට රත්නපුරය දක්වා පැවති පළමු අධියරෙහි ජයග්‍රහනය නාවික හමුදාව වෙත හිමිකර දීමට නායක නැවි ඩීඒඑස් ප්‍රසංග සමත් විය.

වීරවිල සිට රත්නපුරය, මහනුවර, කුරුණෑගල සහ කටුනායක හරහා ගාලු මුවදොර දක්වා කි‍ලෝමිටර් 408ක දුරක් ආවරණය වන පරිදි පැවති මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු දිවයිනේ ප්‍රමුඛ පාපැදි ක්‍රීඩා සමාජ සහ විදේශිය ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් තරඟකරුවන් 166ක් සහභාගී වූහ.

තවද, මෙම තරඟාවලියේ මහනුවර සිට කොළඹ දක්වා පැවති තෙවන අධියරේ දෙවන ස්ථානය බල නැවි පීපීපීඑම්ජී සිල්වා විසින් සහ මීරිගම සිට කොළඹ දක්වා පැවති කාන්තා කණ්ඩායම් අනුශූරතාවය නාවික හමුදා කාන්තා පාපැදි කණ්ඩායම දිනාගැනීමට සමත් විය.