නාවික හමුදාව ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් කාන්තා ශූරතාවය දිනාගනියි
13 වන ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2025 මාර්තු මස 12 වන දින සිට 14 වන දින දක්වා කටුනායක, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර තුල පිහිටා ඇති වෙරළ වොලිබෝල් ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහීදී නාවික හමුදාව එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව, මෙම තරගාවලියේ මූලික වටයේ තරඟ සඳහා සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම පළමු තරඟයේදී තරඟ වට 2-1 ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කර දෙවන තරඟයේදී තරඟ වට 2-0 ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට තේරී පත් විය. අවසන් මහා තරඟයේදී තරඟ වට 2-0 ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ජරාජය කරමින් මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව 13 වන ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් කාන්තා ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.