05th Mr. Master/Physique/Hercules 2025 කායවර්ධන තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2025 මාර්තු මස 23 වන දින කොළඹ, බස්නාහිර පළාත් හෝමාගම, SAPCE PARK උද්‍යංගණයේ පැවති 05th Mr. Master/Physique/Hercules 2025 තරඟාවලියේදී නාවික හමුදා කායවර්ධන කණ්ඩායම ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, දිවයිනේ ප්‍රකට කායවර්ධන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, 05th Mr. Master/ Physique/Hercules 2025 තරඟයේ 80 බර පන්තිය නියෝජනය කරමින් තරඟයේ පලමු ස්ථානය,ඉංජිනේරු කාර්මික එන්වීඒ නාමරත්න විසින්ද, 65 බර පන්තියේ දෙවන ස්ථානය නායක නැවි ඩබ්එම්සි කරුණාරත්න විසින්ද, 85+ බර පන්තියේ දෙවන ස්ථානය බල ශාරීරික අභ්‍යාසක කේකේ දුෂාන්ත සහ 80 බර පන්තියේ දෙවන ස්ථානය සූපවේදී එච්එම්ඒවි හෙට්ටිආරච්චි විසින් ද ,70 බර පන්තියේ තුන්වන ස්ථානය බල නැවි එල්පිඑන්එස් ගමගේ විසින්ද, ,75බර පන්ති නියෝජනය කරමින් ලිපිකරු ඩබ්ආර් කාවින්ද විසින් තුන්වන ස්ථානයද,සාමන්‍ය නැවි ආර්එම්එන් රත්නායක 80 බර පන්තියේ තුන්වන ස්ථානය ද දිනා ගැනීමට සමත් විය.