ක්‍රීඩා පුවත්
‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2024’ හි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි

2024 ජුනි මස 07 වන දින සිට 13 වන දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවති ‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2024’ හි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.
16 Jun 2024
19 වන සමස්ත ලංකා මේස පන්දු ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

Tibhar මේස පන්දු සමාජය විසින් 19 වන වරටත් සංවිධානය කරන ලද සමස්ත ලංකා මේස පන්දු ශූරතාවලිය, 2024 ජුනි මස 07, 08 සහ 09 යන දිනයන්හීදී අම්බලන්ගොඩ එස්ආර්එස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී විවෘත පිරිමි කේවල අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.
10 Jun 2024
එරංග භාතිය පාපැදි සවාරියේ පිරිමි සහ කාන්තා තෙවන ස්ථාන නාවික හමුදාව දිනාගනියි

2024 ජුනි මස 01 වන දින මිරිස්වත්ත ප්‍රදේශය ආවරණය වන පරිදි පැවති එරංග භාතිය පාපැදි සවාරියේ පිරිමි සහ කාන්තා තෙවන ස්ථාන නාවික හමුදාව විසින් දිනා ගැනීමට සමත් විය.
05 Jun 2024
‘අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය - 2024’ නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

‘අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය - 2024’, 2024 ජුනි මස 01 සහ 02 යන දිනයන්හීදී ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහි පිරිමි ශූරතාවය දියත් විධානය විසින් සහ කාන්තා ශූරතාවය දකුණු නාවික විධානය විසින් හිමි කර ගැනීමට සමත් විය.
04 Jun 2024
තායිවාන විවෘත මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගනියි

තායිවානයේ, තායිපේහිදී පැවැත්වෙන තායිවාන විවෘත මලල ක්‍රීඩා තරඟාවලියේ 2024 ජුනි මස 01 වන දින පැවති මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව, එම ඉසව්වේ රිදී පදක්කම මව්බිමට දිනාදීමට සමත් විය.
02 Jun 2024
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන කිලෝමීටර් 586.1 ක් ඇවිද පිහිට වූ නව ලෝක වාර්තාවට අදාල සහතික පත්‍රය සහ කුසලානය ප්‍රදාණය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන දින 07 යි පැය 11 යි මිනිත්තු 17 යි තත්පර 14 කින් කිලෝමීටර් 586.1 ක්, පූනෑව සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණ නැවත පූනෑව දක්වා ගමන් කර, 2024 ජනවාරි මස 19 වන දින නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අදාල සහතික පත්‍රය, කුසලානය සහ පදක්කම එම නාවිකයා වෙත පිරිනැමීම 2024 මැයි මස 18 වන දින කොළඹ ක්‍රීඩා වෛද්‍යායතනයේදී සිදුකෙරිණි.
28 May 2024
අන්තර් විධාන වේඩිතැබීමේ තරඟාවලිය - 2024 උතුරු මැද නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

2024 මැයි 15 වන දින සිට 17 වන දින දක්වා පැවති අන්තර් විධාන වේඩිතැබීමේ තරඟාවලිය - 2024, නාවික හමුදා වෙඩි සංචිතයේ සභාපති කොමදෝරු නිශාන් රණවීර ගේ ආරාධනයෙන් උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වෙඩිපිටියේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
19 May 2024
නාවික හමුදාව 2024 ජාතික සුපර් ලීග් බේස්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය දිනාගනියි

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය මඟින් සංවිධාන කල 2024 ජාතික සුපර් ලීග් බේස්බෝල් ශූරතාවලිය, 2024 මැයි මස 10 සහ 11 යන දිනයන්හීදී දියගම, ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
12 May 2024
2024 ජාතික කරාතේ ශුරතාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2024 අප්‍රේල් මස 27 වන දින සිට 29 වන දින දක්වා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පැවති 2024 ජාතික කරාතේ ශුරතාවලියේදී නාවික හමුදා පිරිමි හා කාන්තා කරාතේ කණ්ඩායම් රන් පදක්කම් හතරක් (04) රිදී පදක්කම් තුනක් (03) සහ ලෝකඩ පදක්කම් නවයක් (09) දිනාගැනීමට සමත් විය.
01 May 2024
අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2024 නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය, 2024 අප්‍රේල් මස 27 සහ 28 යන දිනයන්හීදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති සහ නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන්, නාවික තටාකාංගනය සහ සැන්ඩිබේ වෙරළ තීරය ආශ්රිත ප්‍රදේශයේදී පැවති අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.
29 Apr 2024