Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

සන්නිවේදන ශිල්පීය කුසලතා වර්ධන වැඩමුළුවක් නාවික හමුදා සාමාජිකයින් වෙනුවෙන් සාර්ථකව පවත්වයි

06 May 2026

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සන්නිවේදන ශිල්පීය කුසලතා නව මානයක් කරා ඔසවා තැබීමේ අරමුණින්, බාහිර සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද විශේෂ පුහුණු වැඩමුළුවක් දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් 2026 මැයි මස 02 වන දින දකුණු නාවික විධානයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩමුළුව තුළ, නාවික හමුදා නිලධාරීන්ගේ කථන හැකියාව හා විශ්ලේෂණ කුසලතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සන්නිවේදන ශිල්ප ක්‍රම පිළිබඳව ප්‍රායෝගික අභ්‍යාස මඟින් දැනුවත් කිරීම සිදු කෙරිණි. මෙම සැසිය සඳහා, නාවික හමුදා කථන ශිල්ප සමාජයේ සභාපති ඇතුළු දකුණු නාවික විධානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සක්‍රීයව සහභාගී වූහ.

වැඩමුළුව අවසානයේ, බාහිර සම්පත් බාහිර සම්පත් දායකත්වය සපයන ලද උපදේශක මණ්ඩලයට දකුණු නාවික විධානය භාර ආඥාපති විසින් සමරු තිළිණ ප්‍රදානයක්ද සිදු කරන ලදි.

Accessibility Tools