Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

04 May 2026

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් 2026 මැයි මස 03 උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙලෙස කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එම සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටත් නියමිතව ඇත.

Accessibility Tools