Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

අසමමිතික යුද උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව 2026 - ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී ආරම්භවෙයි

05 May 2026

අසමමිතික යුද උපක්‍රම පාඨමාලාව - 2026 (ASYMMETRIC WARFARE COURSE-2026) ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී 2026 මැයි මස 04 වන දින ආරම්භ කරන ලදි. පාඨමාලාවේ සමාරම්භක උත්සවය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන අණදෙන නිලධාරී කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩිගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

සති 10ක කාල සීමාවක් පුරා පැවත්වීමට නියමිත මෙම පාඨමාලාව සඳහා චීන මහජන සමූහාණ්ඩුව, ඉන්දීයාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් හමුදා සාමාජිකයින් විසිහතර දෙනෙකු (24) සහභාගී වන අතර, පාඨමාලාව සඳහා අසමමිතික සමුද්‍රීය මෙහෙයුම් හා සම්බන්ධ න්‍යායික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ඇතුලත් කර ඇත.

මෙම පාඨමාලාව පැවැත්වීම මඟින් විශේෂ මෙහෙයුම් පුහුණුව සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය තවදුරටත් තහවුරු කරන අතර, සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා කැපවී සිටින හවුල්කාර රාජ්‍යයන් සමඟ සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමද අපේක්‍ෂා කෙරේ.

Accessibility Tools