Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන ධාරිතාව පුළුල් කෙරේ

05 May 2026

ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා මෙහෙයුම් මැදිරියක්, ප්‍රධාන සංඥා කාර්යාලයක් සහ දුරකථන හා දත්ත හුවමාරු මධ්‍යස්ථානයක් ඇතුළුව ඉදිකරන ලද නව ගොඩනැගිල්ල 2026 මැයි මස 02 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන්, උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ , ඉංජිනේරු හා තාක්‍ෂණික ශිල්පීය දායකත්වය මත 2026 ජනවාරි මසදී ආරම්භ කර ඇති අතර, කෙටි කාලයක් තුළ එහි ඉදිකිරීම් සම්පූර්ණ කර මෙහෙයුම් හා සනන්නිවේදන කටයුතු සඳහා ලබා දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools