Sri Lanka Navy – Official Logo
SPORT NEWS 2026

‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි

12 May 2026

ශ්‍රී ලංකා නාවික හමුදා ‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2026, දියගම මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී 2026 මැයි මස 08 වැනි දින සාර්ථකව නිමාවට පත් වු අතර, එහි සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය දිනාගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටියහ. ඒ අනුව, කැපී පෙනෙන දක්ෂතා පිළිඹිබු කල පුහුණු නාවික විධානය සමස්ථ පිරිමි ශූරතාවයත්, එහි අනුශූරතාවය නැගෙනහිර නාවික විධානයත් දිනාගන්නා ලද අතර, සමස්ථ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය විසින් සහ එහි අනුශූරතාවය දකුණු නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය. “අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2026” දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බල ශාරීරික අභ්‍යාසක එන්එම්ජී තත්සර විසින් ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සාමාන්‍ය කාන්තා නැවි සීඑම්අයි චතුරි විසින් ද හිමිකර ගන්නා ලදි.

තවද, ‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2026’ හී ත්‍යාග ප්‍රදානෝත්සවය බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාරගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය තුලින් නාවික හමුදාවේ දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන ඔවුන් ජාතිකතලය වෙත දායාද කිරීමත්, ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් සඳහා දක්‍ෂතා සහිත නාවික පුද්ගලයින් ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යන් තවත් වර්ධනය සඳහා අවස්ථාවක් ලබා දීමටත් අපේක්‍ෂා කෙරේ.

Accessibility Tools